වැලිගම හා බැදුන ජනප්‍රවාද.


කතරගම දෙවියන්ගේ එක් භාර්යාවක්වන වල්ලිඅම්මා මෙහි සිට ඇති බවත් එනිසා වල්ලිගාම, වැලිගම වු බව මෙහි වැඩිහිටියන් කියයි.වල්ලිඅම්ම ඇතුලූ පෙර රජ දරුවන් දිය නෑම පිනිස භාවිත කල “මහනැවියා පොකුන.”දැනට මුහුදටයටව පවති.මෙහි රජවරුන්  දිය නෑ රත්ත්‍රන් සෙම්බුව හා එය ගැට ගැසුරන් දම් වැලක් කාලයකට මුහුදෙ පාවෙන බවත් එය ගැනිමට යන අය දියෙ ගසා ගෙන යන බවත් පැරැන්නො කියයි.මෑත අතිතයෙ එහෙම දෙ පානොවුනත් වසරක් පාසා මෙ අවට මුහුදෙ කුමක් හො හේතුවක් නිස මිනිස්  ජිවිත බිලි ගනි.

කුශ්ඨරාජගල හා අග්‍රබොධිය  හා බැදුන ජනප්‍රවාද මෙසෙය.ජය ශ්‍රි මහා බොධියෙන් හට ගත් බොපැල 32  රටේ විවිධ තැන් වල රෝපනය කරමින් යන විට මෙ ප්‍රදෙශයෙදි රෑ බොවි  ඇති නිසා මෙහ්හි රැයගත කිරිමට තිරනය කර ඇත.උදේ  අවදිවි බලන විට පුදුමයකි එක් බොධියක් ගැලවිමටවත් නොහැකි ලෙස මුල් අල්ලා ඇත.කෙසේවත් ගැලවිමට නොහැකිවිට දේවානම්පිය තිස්ස රජතුමාගෙ උපදෙස් පිට එය මෙහිම රෝපනය කොට අග්‍ර වු බෝධිය හෙවත් අග්‍රබොධි නමින් විහාරයක් කරවීලු.
එක් කලකදි මෙහි පාලනය ගෙන ගිය රජකෙනකුට දරුනු කුශ්ඨ රෝගයක් සෑදි ඇති අතර කෙසේවත් සුව නොවු තැන අග්‍රබොධියට භාරයක් වීලු.එම භාරයනම් තමාගෙ රෝගය සුවවුවහොත් තමාගෙ රැපයමෙන් රැපයක් ගලක කොටන බවයි.ඉන් පසුව රජතුමගෙ රෝගය සුව වි ඇති අතර පසුව භාරය කියු ලෙසම ඉටු කර ඇත.එයනම් අද අපි දකින කුශ්ඨරාජගලයි.මෙහි ගල ඇතුලත වටිනා වස්තුව තැන්පත් කර ඇතිබවත්  යාග හෝම බිලි පුජාකර මෙහි ඇති ගල් දොර විවුර්ත කර ඇතූලට ගියවිට මෙහි ඇති වස්තුව නිසා ඇතිවන ආසාව නිසා එමගල්දොර වැසෙන බව ජනප්‍රවාදයයි.කෙසේනමුත් උගතුන්ගෙ අදහස කුශ්ඨරාජගලේ ඇත්තේ අවලෝකිතේශ්වර බොසත් රැවක් බවයි.දකූණේ සන්චාරය කරනවා නම් එන්න මෙ තැනුත් බලල යන්න.

Advertisements
Posted in වර්ගීකරණය නොකළ | එක් ප්‍රතිචාරයක්

දියකඩනයක් නැති වරායක්?


මාතර වැලිගම මේක ධිවරවරායකි.කප්පරතොට නම් මෙහි නම ලැබුන හැට්කියවෙන ජනප්‍රවාද 2කි.රජකාලයේ මෙය දියුණු වෙළද වරායකි.මෙහි වෙළදාම පිනිස ආ යාත්‍රා වලින් කප්පම් ගත් නිසා කප්පම් ගත් තොට පසුව කප්පරතොටවීලු.අනිත් කතාවට අනුව අතීතයෙ මෙ ප්‍රදේශයට අතිවිශාල කොප්පර කටක් ගොඩගසා ඇත.ඒ අනුව කොප්පරකට ගොඩ ගැසුව තැන පසුව කප්පරතොටවීලු.මෙහි ඇති තව විශේසත්වයනම්  මෙ සෑම යාත්‍රාවකම  දෙපැත්තට සමබරවන ලෙස ලී  කෝටු 2ක් බැදිමයි.මෙයින් යාත්‍රාවට අමතර සමබරබවක් ලැබේ.මෙලෙස සැකසු බෝට්ටු ලන්කාවේ වෙන කිසිම ප්‍රදෙශයක දැකිමට නොමැත.සමබරතාවයට අමතරව මෙ ලී 2න් තවත් ප්‍රයෝජනයක් ලබාගනි. එනම් මෙහි වෙසෙන ධිවර ජනයා ඔවුනටම ආවෙනික ක්‍රමයකට දිග තන්ගුස් නුලක දිගට බිලිකටූ 200 පමන  අමුනා යොතක් සාදයි මෙයට ඔවුන් “ලෝන්” එකයැයි කියයි.එවැනි ලෝන් 2ක් බොට්ටුවෙ ඇති ලි 2කෙ ගැට ගසා මසුන් මැරිමට යයි.එවිට දැල් දමා අල්ලාගන්නා මාලුන්ට අමතරව  අර ලෝන් එකටත් මාලුන් අහුවෙන නිසා අමතර වාසියකි.
මා දන්නා තරමට මෙහි දියකඩනයක් වෙනුවට ඇත්තේ ස්වාභාවිකව සෑදුන කොරල්පර සමුහයකි.මෙහි කොරල්වල විවිධත්වය හික්කඩුවෙ කොරල් හා සම තැන ගනි.ඒවා නැරඹිමට  කිසිම කරදරයක් නැත.හේතුව කොරල් පර ලගට පයින් ඇවිද යාහැකිවිමයි..

70 දශකයෙ පමන මෙ කොරල් පරය කඩා ඉවත් කර දියකඩනයක් සෑදිමට හැදුවත් ප්‍රදෙශයෙ ජනතාවගේ උද්ගෝසන නිසා එන දියකඩනය එයට ටික දුරකින් පිහිටි මිරිස්සෙ සාදා ඇත.නමුත් දැන් නැවතත් එම කොරල්පර වලට කණකොකා හඩා තිබේ.එ කොරල් ආශ්‍රිත කන්දක් සමතලා කොට හොටෙල් සන්කිර්නයක් සැදිමට යයි.එහිදි ඉවත් කරන අපද්‍රව්‍ය් එ ආශ්‍රිත මුහුදට දමයි.දැනට මෙහෙමනම් හොටෙල් එක සැදු පසූ කොරල්පර වලට දෙවියන්ගෙම පිහිටයි.දැනට අධිකරන නියොගයක් මත හොටෙලය සෑදිම තාවකාලිකව නතරව ඇතත්  එ කවරනම් කාලයකට දැයි කවුරුනම් දනිද?

Posted in වර්ගීකරණය නොකළ | එක් ප්‍රතිචාරයක්

රට පෙරට කට උඩට…….


මේ මන් අද ගෙදරට වෙලා ඉන්නකොට කල්පනා උන දෙයක්  සාමාන්‍ය්යෙන් 3 විතර ඉන්න පවුලක දවසක කෑම වියදම කියක් විතර යයිද?මන් නිකන් ගනන් හැදුවා බලන්න.
පොල් ගෙඩි එකයි රු 50.
හාල් කිලො එකයි රු 50.
තෙල් කාලයි    රු 50
බි ලුනු ග්‍රෑම්500 රූ 50
බලයා කරවල ග්‍රෑම්100 රු 50

ඉතින් කෑමට විතරක් රු 450 විතර වියදම් වෙනවා.එතකොට තව ලයිට් බිල් වතුර බිල් ගමන් වියදම් එහෙම එකතු වෙනකොට  එ මනුස්සයගෙ ආදායමට වඩා වියදම වැඩියි.එතකොට කරන්න තියෙන එකම දෙ තමා කෑම කන එක අඩු කරලා කට උඩ අතට හරවන් ඉන්න එක එතකොට හුලන් වලට හ්හරි බඩ පිරෙයිනෙ.

 

Posted in දේශපාලන | ප්‍රතිචාර 2

මෙන්න නියම වැඩ


වැඩිහිටියන්ට පමනයි රග පෑ නිලියන්ගේ පින්තූර ප්‍රසිද්ධ කරලා.පැන්චා දන්න තරමටනම් ඔය ඉන්න ගොඩක් කෙල්ලො තමන් ආදරේ කරන කොල්ලත් එක්ක ඉන්න  වෙලාවට  එ කොල්ලො හොරාට විධියො කරලා ඒවා යාලුවන්ට දීලා  ප්‍රසිද්ධ කරනවා.එතකොට අර කෙල්ලට කොච්චර අසාධාරණයක් වෙනවද?හරිනම් පොලිසියෙන් කරන්න ඔන මෙහෙම කෙල්ලන්ව රවට්ටන කොල්ලන්ව අල්ලන එකයි.ඒත් බැරිනම් එ කෙල්ලන්ගෙ පින්තුර විතරක් නැතුව එවායෙ ඉන්න කොල්ලන්ගෙ පින්තුර ටිකත් ප්‍රසිද්ධ කරන්න ඔන.ඔය පින්තුර ප්‍රසිද්ධ කල පසු අහින්සක කෙනෙක්ට කොච්චර දුකක් දැනෙනවද?එහෙම නිර්දොශි කෙන්නෙක් සමාජයට මුන දෙන්න බැරිව ජිවිතය නැති කර ගත්තොත් කවුද මේවට වගකියන්නෙ?

ලන්කාවේ උසාවි වලට අවශ්‍ය් කොපමන අපරාධකරු කොපමන ඉන්නවද?මහජන මුදල් පිල්ලි ගහන,නාස්තිකරන,කෝටිගනන් බදු වන්චාකරුවන්.කුඩු මුදලාලිලා.ඇයි එ අයගෙ පින්තුර ප්‍රසිද්ධ කරලා හොයලා දෙන්න කියලා මහජනයාට කියන්න බැරි.  අපේ පොලිස් මහත්වරුන්ට පුලුවන් අසරන මිනිහෙක් බ්ඩියක් බිවුවොත් ගන්ජා ගැහුවයි කියා අල්ලන්ගිහින් නඩූවක් දැමිමයි,කවදාවත් ගන්ජා විකුනන මුදලාලිට නඩු නැත.මොකද පෑනත් පොතත් දෙකම පොලිස්මහත්වරැගෙ අතෙය.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර 2

තූණ්ඩුව


වෙලාව හවස 2 පමන විය.කඩේට ආ පුද්ගලයෙක් තුණ්ඩුවක් දි යන්න ගියේය.මම හිතූවෙ 88 කාලෙ ආපහු ඇවිල්ලද දන්නෑ කියලා එත් තුණ්ඩුව දිගහැරිය විට මන් සිතුව දෙ වැරදි බව තේරුනි.තුණ්ඩුව ප්‍රදේශිය සභා  සභාපතිතුමාගෙනි.ජනපති පදවි ප්‍රාප්තියේ සතුට වෙනුවෙන් සතියක් පුරා විදුලි බුබුලු යොදා සින්හ කොඩිය ඔසවා තබන්නලු.සින්හ කොඩියක් ඔසවා  සතුට පෙන්නන්නනම්  ඒකසිතෙ ඇති වෙන්න ඔන හැගිමකි.හරියට ප්‍රභාකරන් මැරුන වෙලේ කලා වගේ.

එක්කො සභාපතිතුමාට කැළණිය ආසන  ඇමතිතුමා වගේ වෙන්න හිතිලද දන්නෑ.මෙ කතාව මට කියූවෙ කැළණියෙ මගෙ යාලුවෙක්.ඇමතිතුමා කැළණියට එන හැම වෙලේම ජාතික කොඩිය ඔසවන්න ඔනලු.මෙ වැඩේ හැම වෙලාවෙම කරන්න බැරිනිසා කොඩිය ගලවන්නෙ නැතුව හැමදාම ඔසවා තියනවාලු.කාලයක් ගිහින් ඒක දිරුවම අලුත් එකක් දානවලු.

අපෙ විදුලිබල ඇමතිතුමා කියන්නෙ විදුලි බුබුලු නිවා දමා ව්දුලිය ඉතුරු කරමුලු,සභාපතිතුමා කියන්නවා සතියක් පුරා විදුලි බුබුලු වලින් සරසන්නලු.අසරණ අපි කවුරු කියන දේ අහන්නද?

Posted in වර්ගීකරණය නොකළ | Tagged | ප්‍රතිචාරයක් ලබාදෙන්න

lankablogger

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාරයක් ලබාදෙන්න

සිගරැට් රු 1 වැඩිවෙ.


කියලවත් කරගන්න බැරි වැඩේ තමා ඔක අද රැ 12 පස්සෙ රු 1 සිගරැට් වැඩි වෙනවා.සැරින් සැරෙ රු1 වැඩිකරන්නැතුව එක පාරට රු20 විතර වැඩි කරන්න ඔන.නැත්නම් සිගරට් ලන්කාවෙ තහනම් කරන්න ඔන.අපෙ රටේ තරුණයන්ගැන දේශපාලකයන්ට සැබෑ කැක්කුමක් තියෙනම් සිගරැට් මත්වතුර තහනම් කරන්නකො.එහෙම නැතුව බොරුවට යටි ගිරියෙන් කෑ ගහලා උඩ පැන්නට වැඩක් නෑ.ඔවට අපෙ පැත්තෙනම් කියන්නෙ විසිල් විතරයි බල්ටි නෑ…………

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර 5