දියකඩනයක් නැති වරායක්?


මාතර වැලිගම මේක ධිවරවරායකි.කප්පරතොට නම් මෙහි නම ලැබුන හැට්කියවෙන ජනප්‍රවාද 2කි.රජකාලයේ මෙය දියුණු වෙළද වරායකි.මෙහි වෙළදාම පිනිස ආ යාත්‍රා වලින් කප්පම් ගත් නිසා කප්පම් ගත් තොට පසුව කප්පරතොටවීලු.අනිත් කතාවට අනුව අතීතයෙ මෙ ප්‍රදේශයට අතිවිශාල කොප්පර කටක් ගොඩගසා ඇත.ඒ අනුව කොප්පරකට ගොඩ ගැසුව තැන පසුව කප්පරතොටවීලු.මෙහි ඇති තව විශේසත්වයනම්  මෙ සෑම යාත්‍රාවකම  දෙපැත්තට සමබරවන ලෙස ලී  කෝටු 2ක් බැදිමයි.මෙයින් යාත්‍රාවට අමතර සමබරබවක් ලැබේ.මෙලෙස සැකසු බෝට්ටු ලන්කාවේ වෙන කිසිම ප්‍රදෙශයක දැකිමට නොමැත.සමබරතාවයට අමතරව මෙ ලී 2න් තවත් ප්‍රයෝජනයක් ලබාගනි. එනම් මෙහි වෙසෙන ධිවර ජනයා ඔවුනටම ආවෙනික ක්‍රමයකට දිග තන්ගුස් නුලක දිගට බිලිකටූ 200 පමන  අමුනා යොතක් සාදයි මෙයට ඔවුන් “ලෝන්” එකයැයි කියයි.එවැනි ලෝන් 2ක් බොට්ටුවෙ ඇති ලි 2කෙ ගැට ගසා මසුන් මැරිමට යයි.එවිට දැල් දමා අල්ලාගන්නා මාලුන්ට අමතරව  අර ලෝන් එකටත් මාලුන් අහුවෙන නිසා අමතර වාසියකි.
මා දන්නා තරමට මෙහි දියකඩනයක් වෙනුවට ඇත්තේ ස්වාභාවිකව සෑදුන කොරල්පර සමුහයකි.මෙහි කොරල්වල විවිධත්වය හික්කඩුවෙ කොරල් හා සම තැන ගනි.ඒවා නැරඹිමට  කිසිම කරදරයක් නැත.හේතුව කොරල් පර ලගට පයින් ඇවිද යාහැකිවිමයි..

70 දශකයෙ පමන මෙ කොරල් පරය කඩා ඉවත් කර දියකඩනයක් සෑදිමට හැදුවත් ප්‍රදෙශයෙ ජනතාවගේ උද්ගෝසන නිසා එන දියකඩනය එයට ටික දුරකින් පිහිටි මිරිස්සෙ සාදා ඇත.නමුත් දැන් නැවතත් එම කොරල්පර වලට කණකොකා හඩා තිබේ.එ කොරල් ආශ්‍රිත කන්දක් සමතලා කොට හොටෙල් සන්කිර්නයක් සැදිමට යයි.එහිදි ඉවත් කරන අපද්‍රව්‍ය් එ ආශ්‍රිත මුහුදට දමයි.දැනට මෙහෙමනම් හොටෙල් එක සැදු පසූ කොරල්පර වලට දෙවියන්ගෙම පිහිටයි.දැනට අධිකරන නියොගයක් මත හොටෙලය සෑදිම තාවකාලිකව නතරව ඇතත්  එ කවරනම් කාලයකට දැයි කවුරුනම් දනිද?

Advertisements
This entry was posted in වර්ගීකරණය නොකළ. Bookmark the permalink.

One Response to දියකඩනයක් නැති වරායක්?

  1. බොහෝම හොඳ ලිපියක් පැංචෝ… 70 වෙදී නැවත්තුවා වගේ ඔය හෝටල් කබල හදන එක නැවතුනොත් හරි.

    දිගටම ලියන්න…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )