සිගරැට් රු 1 වැඩිවෙ.


කියලවත් කරගන්න බැරි වැඩේ තමා ඔක අද රැ 12 පස්සෙ රු 1 සිගරැට් වැඩි වෙනවා.සැරින් සැරෙ රු1 වැඩිකරන්නැතුව එක පාරට රු20 විතර වැඩි කරන්න ඔන.නැත්නම් සිගරට් ලන්කාවෙ තහනම් කරන්න ඔන.අපෙ රටේ තරුණයන්ගැන දේශපාලකයන්ට සැබෑ කැක්කුමක් තියෙනම් සිගරැට් මත්වතුර තහනම් කරන්නකො.එහෙම නැතුව බොරුවට යටි ගිරියෙන් කෑ ගහලා උඩ පැන්නට වැඩක් නෑ.ඔවට අපෙ පැත්තෙනම් කියන්නෙ විසිල් විතරයි බල්ටි නෑ…………

This entry was posted in වර්ගීකරණය නොකළ. Bookmark the permalink.

5 Responses to සිගරැට් රු 1 වැඩිවෙ.

  1. Lahiru Udayanga පවසයි:

    අනිවා..ඔයාගේ අදහසට මාත් එකගයි සහෝ…එක පාරට සැලකිය යුතු ගානකින් වැඩිකරන්න ඕනේ

  2. lahiru පවසයි:

    ලෝකෙන්ම සිගරට් ගනන් වැඩිම රට ලංකාව.නොදකින් විතරක් මෙහෙම තුප්පහි රටක්.ටිකක් හිතපල්ල ඕව බොන උනුත් ඉන්නවනෙ.ඕකෙ තියන ආතල් එක දන්නෙ ඕක බොන එකා විතරයි.නිදහසේ සිගරට් එකක් බොන්න බෑ,පොලිසියෙන් අල්ලනව.අනේ අම්මප මෙහෙම නිදහසක් නැති අවලන් රටක්.

  3. Hareendra පවසයි:

    මම නම් කියන්නෙ බොරුවට මතට තිත කිය කිය බන කියන්නෙ නැතුව ඇත්තටම මතට තිත තියන්න ඕන නම් සිගරට් කම්පැනි, ස්කාගාරෙ,බියර් කම්පැනි වහලා දැම්ම නම් ඉවරයිනෙ……….

  4. අතරමැදියා පවසයි:

    එහෙම වුනොත් ඉතින් රජයට දැන් ලැබෙන ආදායමෙන් කාලක් වත් ලැබෙයි ද මන්ද..සිගරට් ගහන එක කොහොමත් ගහනවා..කීයක් දීල හරි… මතට තිත මහා මුලාවක්.

  5. ranga පවසයි:

    ලෝකෙන්ම සිගරට් ගනන් වැඩිම රට නම් ලංකාව නෙමෙ.

    ඔස්ට්‍රලියාවෙ සිගරට් එකක් : රුපියල් වලින් 70ක් විතර
    ස්වීඩන් වල : රුපියල් වලින් 40ක් විතර

    මෙකෙන් මම රජතුමාට කඩේ යනව නම් නෙමෙ. සිගරට් නවත්තන්න නම් කරන්න ඕනෙ තහනම් කරන එකයි. ගාන වැඩිකරත් බොන එකා (මමත් ඇතුලුව) බොනව. ඒත් හොයාගන්න නැත්නම් පාඩුවෙ ඉඳියි

lahiru වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න